News Article

ආදරය ගැන ශෙරිල්ගේ වචනයෙන් , '' ආදරය ඇති තැන ජීවිතය ඇත..''

කලා ලෝකයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටින ආදරණීය යුවළක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ.

රුවන්ගේ මියුරු ගායනයටත්, ශෙරිල්ගේ රංගන හැකියාවටත් ආදරය කරන රසික රසිකාවියන් බොහොමයක් සිටිනවා.

මේ දෙදෙනාගේ ආදරණීය බැඳීමත් නිතරම රසිකයන්ගේ අවධානයට ලක්වන දෙයක්.

ඔන්න ඉතින් ශෙරිල් පසුගියදා සිය මුහුණුපොතට ආදරණීය ඡායාරූපයක් එක්කර තිබුණා.

ඒ එයාගේ සුන්දර ඡායාරූපයක්.

හැබැයි මේ ඡායාරූපයත් එක්ක ඇය එක්කර තිබූ වචන පෙළ තමයි කාගේත් අවධානය දිනාගෙන තිබුණේ.

''ආදරය ඇති තැන ජීවිතය ඇත'' යනුවෙන් ඇය එහි සටහන් කර තිබුණා.

ඇත්තටම ආදරය කියන්නේ ජීවිතයකට සතුට, සැනසීම වගේම අලුත් බලාපොරොත්තු එකතු කරන සුන්දර හැඟීමක්.

ඉතින් ශෙරිල්ගේ මේ පුංචි සටහනත් එක්ක එකතු කළ ඒ ආදරණීය ඡායාරූපය රසිකයන්ටත් සුන්දර මතකයක් එක්කර තිබෙනවා. 

Leave a Comment