විවාහ වී විනාඩි 3යි, සැමියාගේ එක වචනයක් නිසා විවාහය Game Over… විවාහ දිනයේදීම දික්කසාදයත්… කුවේට් මනාලියගේ තීරණය ලොවේම කතාබහට !
ජීවිතයේ සුන්දරම දවසක් ලෙස සැලකෙන විවාහ දිනය, විනාඩි කිහිපයකින් අවසන් වූ අමුතු පුවතක් කුවේට් රාජ්‍යයෙන් වාර්තා වනවා.
ඒ, විවාහ වී මිනිත්තු තුනක් ගතවීමටත් පෙර දික්කසාද වීමට තීරණය කළ බව කියන මනාලියක් පිළිබඳ කතාවක්.
වාර්තා වන ආකාරයට, විවාහ උත්සවය අවසන් වූ සැණින් මනාලිය සිය නව සැමියා ඉදිරියේදී පැකිළී ඇද වැටීමට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ඇයව සනසනවා වෙනුවට මනාලයා ඇයට 'මෝඩියක්' යනුවෙන් පවසා ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, සැමියාගේ එම වචනය කිසිසේත්ම ඉවසිය නොහැකි වූ මනාලිය එම මොහොතේම විවාහයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමඟ බොහෝ දෙනෙකු ඒ පිළිබඳ විවිධ අදහස් පළ කර තිබෙනවා.
ඇතැමුන් පවසන්නේ තමන්ට ගරු නොකරන පුද්ගලයෙකු සමඟ ජීවිතය ගත කිරීමට පෙරම මෙවැනි තීරණයක් ගැනීම ඇයගේ ආත්මගරුත්වය පිළිබඳ හොඳ උදාහරණයක් බවයි.
තවත් පිරිසක් පවසන්නේ එක් නොසැලකිලිමත් වචනයක් නිසා විවාහයක් අවසන් කිරීම ඉක්මන් තීරණයක් විය හැකි බවයි. ඇතැම් විට මනාලයා කලබලයට හෝ නොසිතා එවැනි දෙයක් පවසන්නට ඇති බවටද ඔවුන් අදහස් පළ කරනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ සම්පූර්ණ තොරතුරු තහවුරු වී නොමැති අතර, දෙපාර්ශ්වයේම පැත්ත පිළිබඳව නිශ්චිතව අදහස් දැක්වීම අපහසුයි.
ඒත් මේ කතාවෙන් මතක් කර දෙන්නේ ආදරය තුළ වචනවලටත්, එකිනෙකාට දක්වන ගෞරවයටත් කොතරම් වටිනාකමක් තිබෙනවා යන්නයි.

Leave a Comment