සාගර දෙකක්, මහාද්වීප තුනක්… පැය 24කටත් වැඩි කාලයක් අහසේ… කිලෝමීටර් 23,155ක් නොනවත්වා පියාසර කරමින් , Airbus යානයක් ලෝක වාර්තාවක් පිහිටුවයි...
වාණිජ ගුවන් යානයක් මගින් නොනවත්වා පියාසර කළ දීර්ඝතම දුර පිළිබඳ ලෝක වාර්තාව අලුත් කරමින් Airbus A350-1000ULR (Ultra-Long Range) ගුවන් යානයක් ඉතිහාසගත ගුවන් ගමනක නිරත වී තිබෙනවා.
මෙම සුවිශේෂී ගුවන් ගමනේදී යානය පැය 24යි මිනිත්තු 24ක කාලයක් අඛණ්ඩව අහසේ රැඳී සිටිමින් නාවික සැතපුම් 12,503ක දුරක් එනම් කිලෝමීටර් 23,155ක් පියාසර කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගුවන් ගමනේ විශේෂත්වය වන්නේ යානය මෙල්බර්න් නුවරින් ගුවන්ගත වී සිඩ්නි නුවරට ඉහළින් පැසිෆික් සාගරය හරහා ලොස් ඇන්ජලීස් දෙසට ගමන් කිරීමයි.
අනතුරුව උතුරු ඇමරිකානු මහාද්වීපය සහ අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළ යානය ලන්ඩන් නුවරට ඉහළින් ගමන් කර ප්‍රංශයේ ටූලූස් නුවරට ළඟා වී තිබෙනවා.
මහාද්වීප තුනක් සහ සාගර දෙකක් පසුකර ගිය මෙම ඓතිහාසික ගමනේදී ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයට හිරු බැස යෑම් දෙකක් සහ හිරු උදාවීම් දෙකක් දැකගැනීමට හැකිවීමත් විශේෂත්වයක්.
මෙම පරීක්ෂණ ගුවන් ගමන සඳහා පුද්ගලයන් 13 දෙනෙකු එක්ව තිබෙනවා. ඒ අතර Airbus පරීක්ෂණ නියමුවන් තිදෙනෙකු, Qantas ගුවන් නියමුවන් දෙදෙනෙකු, Airbus ගුවන් පරීක්ෂණ ඉංජිනේරුවන් පස්දෙනෙකු, සැලසුම් ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ ජාත්‍යන්තර ගුවන් යානා සම්මේලනයේ නියෝජිතයෙකුද සිටිනවා.
මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත Project Sunrise ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර තිබෙනවා. එමඟින් සිඩ්නි සිට ලන්ඩන් සහ නිව්යෝර්ක් දක්වා අතරමඟ නතර නොවී සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම Airbus සමාගමේ අරමුණයි.
මෙම වාර්තාව සඳහා අදාළ ගුවන් දත්ත ජාත්‍යන්තර ගුවන් යානා සම්මේලනය සහ Flightradar24 මඟින් ස්වාධීනව තහවුරු කර ඇති බව Airbus සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2026 නොවැම්බර් 9 වැනිදා මෙම වාර්තාව Guinness ලෝක වාර්තාවක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

Leave a Comment