"ඒ නිහතමානී චරිතය සජිතටත් දීලා ගියා..." ජැක්සන් ඇන්තනීගේ මතකය අවදි කළ මිතුරාගේ අපූරු කතාව.
පසුගිය දවස් කිහිපය පුරාවටම ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වුණ චරිතයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනී කියන්නේ.
තමන්ගේ යාළුවාගේ විවාහ මංගල්‍යයට සජිත සම්බන්ධ වුණ අපූරු, නිහතමානී විදිය ගැන මේ වෙද්දීත් මුළු රටම කතා වෙමින් පවතිනවා. සජිතගේ මේ මනුස්සකම ගැන හැමෝම වර්ණනා කරද්දී, කසුන් සංජීව නොහොත් වෙහෙරා මුහුණුපොතේ අපූරු සටහනක් තබලා තිබුණා.
කසුන් මේ සටහනත් එක්ක මතක් කරලා තිබුණේ සජිතගේ ආදරණීය පියාණන් වන ප්‍රවීණ රංගන ශිල්පී, ජැක්සන් ඇන්තනී මහතාගේ අපූරු ගුණාංගයක් ගැනයි. සජිතට මේ නිහතමානීකම කොහෙන්ද ආවේ කියන එක කසුන්ගේ මේ සටහන දැක්කම ඕනෑම කෙනෙක්ට හොඳටම පැහැදිලි වෙනවා.
කසුන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තැබූ ඒ සංවේදී සටහන මෙන්න,
"මේ ෆොටෝ එක මං ගත්තේ 2017 දී.. ඒ වෙද්දී අපි 4th year අපේ drama එක පුහුණුවීම් කරන්න ලැගුම් අරන් හිටපු තැනට ජැක්සන් ඇන්තනී සර් ඇවිත් සජිත ඇතුළු අපි හැමෝටම 'චූටි පුතා යාළුවෝ එක්ක කෑම කන්න දැන් බඩගිනි ඇති හැමෝටම' කියලා කෑම ගොඩාක් ගෙනත් දීලා ගියා.."
ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාගේ නිවසේ පාඩම් කරන වෙලාවටත් ඒ ආදරණීය වචන ඒ විදියටම ඇහුණු බවයි කසුන් කියන්නේ.
"ඒ නිහතමානී චරිතය අපිට ඒ වගේම නිහතමානී චරිතයක් දීලා ගියා.. ඒ චරිතය තමයි මං වෙනුවෙන් ආවේ.. මේ තමයි මේ මහ පොළොවේ පය ගහලා ඉන්න පුදුමාකාර නිහතමානී චරිත.. සජිත ඇන්තනී මිත්‍රයාගෙන් පේන්නෙම ජැක්සන් ඇන්තනී සර්මයි හැමදාමත්.. මේ මහ පොළොවේ පය ගහලා ඉන්න රියල් චරිත..." විදියටයි ඔහු තමන්ගේ සටහන අවසන් කරලා තිබුණේ.
ඇත්තටම සජිත කියන්නේ තාත්තාගේ අඩි පාරේ යමින් කලාවෙන් වගේම මනුස්සකමෙනුත් ඉහළටම ගිය අපූරු තරුණයෙක් කියන එකට, මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරන ඒ වෙඩින් වීඩියෝව සහ ඔහුගේ මිතුරන් තබන මේ වගේ සංවේදී සටහන් හොඳම උදාහරණ සපයනවා. ජැක්සන් ඇන්තනී කියන ඒ මහා කලාකරුවා අද ජීවතුන් අතර නැතත්, ඒ මනුස්සකම සජිත හරහා අදටත් මේ මහ පොළොවේ ජීවත් වෙනවා නේද කියලා මේ කතාව අහන කාට වුණත් හිතෙයි.

Leave a Comment