කියන්න යන්නේ ඔබ කාට වුණත් තව තවත් ප්‍රවේශම් වෙන්න කියලා.. අද වෙනකොට ජංගම දුරකතන නිසා සිදුවුණ බොහෝ අනතුරු ගැන අසන්නට දකින්නට ලැබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..
මෙක්සිකෝවේ කාන්තාවක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා..
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය සිය දරුවා සමග මෙම ඡායාරූපය ගැනීමට උත්සහ කිරීමත් සමග එම අනතුර සිදු වී ඇති බවයි.. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ක කාන්තාවක්..
අනතුර සිදුවීමත් සමග ඇය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා..
කැනඩාවේ සිට අමෙරිකාව හරහා මෙක්සිකෝවට ගමන් කළ සුප්‍රසිද්ධ ‘එම්ප්‍රස්’ නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ..
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇය දුම්රිය මාර්ගයට ඕනෑවට වඩා සමීප වී සිට ඇති බවයි..