කෑගල්ල ප්රදේශයේදී පස් කන්දකට යටවී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් වන අතර එම දරුවාගේ නිවසේ පසුපස ආරක්ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා අද උදෑසන කාණුවක් කපා තිබෙනවා.
කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී ඇති අතර ප්රදේශවාසීන් පස් ඉවත්කර කඩිනමින් දරුවා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙනගොස් තිබුණා.
කෙසේ වෙතත් දරුවා මියගොස් ඇති අතර කෑගල්ල පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.