ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින ඉන්දිය සික් ජාතිකයින් සඳහා ෆේස්බුක් සමාගම නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා..
මේ වන විට ඉන්දිය සික් ජාතිකයින් වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවයි වාර්තා වෙන්නේ..
එම ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට ප්රචාරක වැඩ කටයුතු සිදුකළ ‘ෆේස්බුක්‘ ගිණුම් ඉවත් කිරීමට ඒ අනුව මෙටා සමාගම පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊට අදාල ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ද ඉවත් කර ඇති බවයි..
එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවත් එම සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා..
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙය මුහුණු පොත තුළින් චීනයේ සිට ක්‍රියාත්මක කළ බවයි..