පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පසුගිය පැය 48 තුළ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,707ක පුද්ගලයින් බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවතා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙනවා.