ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බව තහවුරු වී තිබෙනවා.
ඊයේ එම තීන්දුව ලබා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, ඒ අනුව, ලලිත් කොතලාවලගේ මරණ සහතිකය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළා.
ලලිත් කොතලාවලගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ අධිකරණ වෛද්‍ය රාජපක්ෂ විසින් ඉකුත් 22 දා අධිකරණයට භාර දෙනු ලැබූ මරණ පරීක්ෂණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ සාක්ෂිකරුවන්ගේ ගත් සාක්ෂි සැලකිල්ලට ගනිමින්.
කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මේ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් භූපේන්ද්‍ර කොතලාවල අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝම්බර් 21 දා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.