හර්දික් පාණ්ඩ්‍යා ගැන විවිධාකාර පුවත් පසුගිය කාලය පුරාවට අහන්න දකින්න ලැබුණා.
ඒ අතරම මුම්බායි ඉන්දියන් නායකත්වය ලැබීමෙන් අනතුරුව ඔහුට මුහුණ පාන්නට සිදු වූ විවිධාකාර ගැටළු නිසා ඔහු ගැන කටකතා රාශියක් පැතිර ගියා.
ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තෙ ඉන්දියානු නායක රෝහිත් ශර්මා සහ පාණ්ඩ්‍යා අතර සීතල යුද්ධයක් හටගෙන ඇති බවට පැවසෙන කතා බහයිීන් පසුව 20-20 ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ සංචිතය සඳහා පාණ්ඩ්‍යා නම් කිරීමට ශර්මා විරෝධය පළ කළ බවටත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
කෙසේ නමුත් ඉන්දියානු කණ්ඩායමේ උප නායකයා ලෙස පාණ්ඩ්‍යා මෙවර 20-20 ලෝක කුසලානය සඳහා පිටත් වීමට නියමිතයි.
නමුත් ඔහු ඇමෙරිකාව බලාපිටත්ව ඇති ඉන්දියානු සංචිතය සමග පිටත්ව නොයෑම ගැනත් මාධ්‍ය තුල වැඩි කතාබහක් ඇති වුණා.
කෙසේ නමුත් මුම්බායි ඉන්දියන්ස් පරාජයත් , බිරිඳගේ දික්කසාදය ගැන ඇසෙන කතාත් සමග පාණ්ඩ්‍යා මේ වනවිට හෙළි නොකල විදේශ රටක විවේකය ගත කරන බවට ඉන්දීය මාධ්‍ය වර්තා කරනවා.