ගල්ගමුව, මීඔය ආසන්නයේදී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුර සිදු වී තිබුණා.
පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ දූපතේ ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී අනතුර සිදු ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවූ අවස්ථාවේදීම එක් අයෙකු මියගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.