දිනවල ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ගැන මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනගේද නම කියැවුණු අතර තවත් ඉන්දියානුව කිහිප දෙනෙකු ඇතුළු විවිධ රටවල හිටපු නායකයින්ගේ නම් කියැවුණා..
මේ අතර රිකී පොන්ටින්ගේද නම කියැවුණු අතර මෙම තනතුර වෙනුවෙන් ඔහුගේ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවට වාර්තා වෙනවා.
තමන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය ලබා දීමට කැමති වුණත් ඉන් පරිබාහිරව සිදු කෙරෙන කටයුතු සමග කාලය සම්බන්ධ ගැටළුවක් පැන නගිනු ඇති බවටයි මේ සම්බන්ධ සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.
ඔහුට අමතරව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි අවධානය යොමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකුද වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වර්තමාන පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධනටයි.
කෙසේ නමුත් ඔහු සම්බන්ධව නිල නිවේදනයක් සිදු කර නැහැ.