වැන්දඹු කාන්තාවකගේ පහස සොයා ආ බව කියන 26 හැවිරිදි විවාහක තරුණයකු එම කාන්තාව විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර 3 කට පමණ ඉහත විවාහ වී ඇති අයෙක් බවත් ඔහුගේ බිරිඳ විශ්ව විද්යාල සිසුවියක බවත් වාර්තා වෙනවා.
පැමිණිලිකාර වැන්දඹු කාන්තාවට කිසියම් අයකු නිතර දුරකථනයෙන් කතා කර අයුතු යෝජනා කිරීමට පටන් ගෙන ඇති බව පොලිසිය කියයි.
එම පුද්ගලයා කරන යෝජනා වලට අකමැති බව වැන්දඹු කාන්තාව කොතරම් කීවත් ඒවා ගණන් නොගෙන එම පුද්ගලයා ඇයට අයුතු යෝජනා කිරීම නතර කර නොමැති බවද පොලිසිය පවසයි.
මොහුගෙන් බේරීමට කදිම උපායක් කල්පනා කළ වැන්දඹු කාන්තාව එම යෝජනාවට කැමැත්ත පළකර ඔහුට නිවසට පැමිණෙන ලෙස පවසා ඇති බව කියති.
තමා කළ යෝජනාවට කැමැත්ත පළ කිරීම නිසා සතුටින් ඉපිල ගිය බව කියා තරුණයා (සැකකරු) ජැන්ඩියට හැඳ පැළඳගෙන සුවඳ විලවුන් තවරාගෙන යතුරු පැදියකින් අම්පාරේ සිට කාන්තාවගේ නිවස සොයාගෙන පැමිණ ඇත.
මේ අවස්ථාවේ කාන්තාව තරුණයාට පලායාමට නොහැකි ලෙස අල්ලාගෙන මේ බව අසල්වාසීන්ටද දැනුම්දීමෙන් පසු ඔවුන් ද ඇයගේ සහායට පැමිණ තිබෙන බව කියති.
පොලිසියට මේ බව දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගනු ලැබීය.