ලෝක කුසලාන උණුසුම මේ වෙද්දි හැම රටකටම දැනෙමින් පවතිනවා.
ක්රීඩාලෝලීන් මේ වෙද්දි බලාගෙන ඉන්නේ ක්රිකට් වසන්තය පැමිණෙනකන්.
මේ කියන්න යන්නේ ක්රිකට් උණුසුමත් එක්ක තවමත් 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ තවමත් බිඳ දමා නැති ශ්රී ලංකා කණ්ඩායම තබා තිබූ වාර්තාවක් ගැන.
2007 වසරේ දකුණු අප්රිකාවේදී පැවති 20-20 ලෝක කුසලානයේදී ශ්රී ලංකාව සහ කෙන්යාව අතර පැවති තරගයේදී ශ්රී ලංකාව එතෙක් මෙතෙක් 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්රමාණයේ වාර්තාව තමන් සතු කරගත්තා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගනිමින්.
දෙවැනියට වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් අතර දෙවැනි තැන ලබාගෙන තිබෙන්නේ එංගලන්තයයි.
ඒ පන්දුවාර 19 පන්දු 4කදී කඩුළු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේ දකුණු අප්රිකාවට එරෙහිවයි.
ඒ ප්රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව ලබාගත් ලකුණු 229ට පිළිතුරු වශයෙනුයි.