දරුවන් තනිකර දමා විදෙස් ගතවන මවුවරුන් එවැනි තීරණයක් ගැනීමට පෙර දෙවරක් සිතිය යුතු බවට කියාදෙන පුවතක් මේ.
වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයේ මව විදෙස්ගත වූ පසුබිමක සෙනෙහස අහිමි දරුවන් තිදෙනෙක් පියාගේ අතිශය කෲරත්වයට පත් කර තිබෙනවා.
වයස අවුරුදු 30 ක තිදරු මවක් මීට මාස කිහිපයකට පෙර විදෙස් රැකියාවක් සඳහා මෙරටින් පිටව ගොස් තිබුණා.
ඉන් අනතුරුව මෙම නිවසේ සිට ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු, කුඩා දැරියක් හා මෙම වැඩිහිටි පුද්ගලයා පමණයි.
විදෙස් ගතව සිටින දරුවන්ගේ මව සමග පවතින පෞද්ගලික ආරවුල් නිසා ඔහු මෙලෙස හැසිරී එම වීඩියෝ දර්ශන මවට යොමු කරන බවට තොරතුරු වාර්තා වුණා.
ඔහුගේ හැසිරීම්වල ඇති අතිශය අමානුෂික බවට මේ තවත් එක් උදාහරණයක් පමණයි.
කුඩා දරුවන් තිදෙනෙකු මානසික හිංසනයට ලක් කරමින් මව සමග ආරවුල් විසදාගැනීමට උත්සහ කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අප වේයන්ගොඩ පොලිසිය දැනුවත් කරනු ලැබුවා.
ඒ අනුවයි පොලිස් නිලධාරීන් වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයට ගොස් දරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
මෙහිදී දරුවන්ට කෲරත්වයෙන් සැලකු පුද්ගලයා දරුවන් තිදෙනා ද රැගෙන නිවස අතහැර ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා එම දරුවන්ගේ පියා බව අසල්වාසීන් ද තහවුරු කළා.
ඔහු කලක සිට තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙක් බවත් මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත් වු අයෙකු බවත් පොලිසිය ප්‍රකාශ කළා.
පලා ගිය සැකකරු හා දරුවන් සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.