මාලයක්ද..? ජීවිතයක්ද..? අපරාධයක් සිදුවෙන්න ඇසිපිය හෙළන නිමේශයකින් පවා පුළුවන්..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දින ගණනක් වසන් වී තිබුණු ඝාතනයක සුලමුලයි..
මේ පුවත වාර්තා වෙන්නේ ඇහැළියගොඩ ඇරෑපොළ ප්‍රදේශයෙන්.. පසුගිය අප්‍රේල් 24 දා සිට අතුරුදන්ව සිටි 57 හැවිරිදි චන්ද්‍රිකා හෙට්ටිආරච්චි ගැන බොහෝ දෙනෙක් සිටියේ දැඩි විමසිල්ලෙන්..
ඒවගේමයි මේ පිළිබඳව පොලිසියට දැනුවත් කළත්, ඇයගේ පවුලේ ඥාතීන් පවා ඇය සොයාගැනීමට විශාල වෙහෙසක් දැරුවා.. ඔවුන් කිරිඇල්ල පොලිසියට කළ පැමිණිල්ලට අනුව දිගින් දිගටම මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා..
ඒ අනුව කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් පවුලේ ඥාතීන්ද සමඟ ඉකුත් සති 3 පුරා ඇය සොයාගැනීමට නොගත් වෙහෙසක් නැති තරම්..
මේ අතරතුර වෙනත් වෝදනාවකට ඇහැළියගොඩ පොලිසිය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ 41 හැවිරිදි පුද්ගලයකු මේ කාන්තාවගේ අතුරුදන් වීම හා සම්බන්ධ බවට තොරතුරක් කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශයට ලැබෙන්නේ බුද්ධි අංශයෙන්…
ඒ අතුරුදන්ව සිටි කාන්තව පැලඳ සිටි රන් සුරයක් කිරිඇල්ල නගරයේ ස්වර්ණාභරණහලකට අලෙවි කළ 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තිබූ තොරතුරක් මතයි..
ඒ අනුව පොලිස් නිලධාරීහු කුරුවිට බන්ධනාගාරයට ගොස් එම සැකකරුගෙන් ප්‍රශ්න කළා… එහිදී අනාවරණය වී ඇත්තේ අතුරුදන්ව ඇතැයි සිතූ කාන්තාව ඝාතනය කර කිරිඇල්ල හාන්දුකන්ද ප්‍රදේශයේ කැලයක වළ දමා ඇති බවයි..
මේ අපරාධය සිදු කර තිබුණේ ප්‍රශ්න කිරීමට ලක් වූ බන්ධනාගාරගතව සිටි සැකකරු විසින් වන අතර, මේ අනාවරණයත් සමඟ අධිකරණ නියෝගයක් මත කිරිඇල්ල හා ඇහැළියගොඩ පොලිසිවල නිලධාරීන් පෙරේදා (15) මළ සිරුර ගොඩ ගන්නට කිරිඇල්ල හාදුකන්දට ගොස් තිබුණා.. ඒ අදාල සැකකරුද සමඟයි..
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පොලිසියට පවසා ඇත්තේ ගෙල සිර කර මේ කාන්තාව පසුගිය අප්‍රේල් 24 දා ඝාතනය කර, ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බවයි.. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබනවා..