කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්..
ජීවිතයේ සුවිශේෂී කඩයිමක් වෙන සා/පෙළ විභාගය අවසන් වෙලා ඔවුන් කරලා තියන දේ දන්නවාද..?
මේ කතාව අපට ඇහෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.. පොළොන්නරුව, දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසු දරු දැරියන් පිරිසක් ඊයේ විශේෂ දෙයක් කළා..
ඔවුන් විභාගය අවසන් වූ ඊයේ දිනයේ විභාග කාර්ය මණ්ඩලයට වැඳ නමස්කාර කිරීමෙන් පසු, තම විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ එම ගේට්ටුවේ මල් කලඹක් එල්ලා පාසලට නමස්කාරය කරමින් කළ ක්‍රියාව සමස්ත පාසල් සිසුන්ට ආදර්ශයක් ලබාදුන්නා..
විභාගය අවසන් වීමෙන් අනතුරුව පාසලෙන් පිටව ගොස් ප්‍රධාන ගේට්ටුව අසල මල් කලඹ දවටා පාසල් ගීතය ද වාදනය කරමින් තමන් අධ්‍යාපනය ලැබූ පාසලට වැඳ නමස්කාර කිරීමට දූ දරුවන් කෘතගුණ වූ බව ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේසිංහ බණ්ඩාර පැවසුවේ..
එසේම, පොලොන්නරුව දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙවර 76 දෙනෙක් අධ්‍යයන පොදු සහතික
පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී තිබුණා..