කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇති බවයි.
රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට උතුරු කොරියානු නායකයා තීරණය කර තිබේ.