අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට යමින් සිටි සිසුවියක තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
බලන්ගොඩ සිට වැලිගෙපොළට ධාවනය වූ රථයක් තුලට එම මාර්ගයේම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ යකඩ බට පටවා ගත් ලොරි රථයේ යකඩ බට කිහිපයක් බසයේ විදුරු ද කඩාගෙන බසය තුළට ඇතුළු වී ඇත.
එම බටයක් සිසුවියකගේ ගෙළ සහ මුහුණේ ගැටීම නිසා බරපතළ තුවාල සිදු විි ඇතැයි බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය.
සිසුවිය වැඩි දුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාර කර යවා ඇත.
බස් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙි.
පොලිසිය සදහන් කලේ ටිපර් රථ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අන්තරාදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය කිරිම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථ සහ ලොරි රථ රියදුරන් දෙදෙනා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.