ජපානයේ ප්‍රසිද්ධ පාන් සන්නාමයක එහි නිෂ්පාදනවල මීයෙකුගේ සිරුරේ කොටස් තිබි හමු වී තිබෙනවා.
එම වෙළඳ නාමයට අයත් පාන් පැකට් ලක්ෂ 104,000ක් ආපසු කැඳවා මුදල් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම අදාළ සමාගම පාන් පැකට්ටුවක මීයෙකුගේ කොටස් හමු වී ඇති බවත් එම ඛාණ්ඩයට අයත් සියලුම පාන් වෙළඳසැල්වලින් ඉවත් කළ බව එම ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
මීයෙකුගේ කොටස් පාන් පැකට් තුළට ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පාන් අනුභව කර රෝගාතුර වූ කිසිවෙකු වාර්තා වී නොමැති බවයි.