විවාහ කියන්නේ අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ විවිධ රටවල දඬුවම් ලැබිය හැකි වරදක්.
නමුත් තවමත් වර්තමාන ලෝකයේ මෙවැනි විවාහ පවතින රටවල් ලෝකය පුරා දකින්න පුළුවන්.
ඉතින් මේ කියන්න යන කතාව වාර්තා වෙන්නේ චීනයෙන්.
චීනයේ ධනවත් පවුල් තවමත් කුඩා දැරියන් මිල දී ගෙන එම පවුල්වල පිරිමින්ට විවාහ කර දෙන බව වාර්තා වෙනවා.මේ එවැනි කතාවක්.
වැඩිවියට පත්වීමෙන් පසු සිය පුත්‍රයාට විවාහ කර දීමේ අරමුණින් 11 හැවිරිදි දැරියක පැහැරගෙන ගිය පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.
දැරිය පැහැරගෙන ගිය කාන්තාවකට සහ ඇගේ පුත්‍රයාට එරට ප්‍රාන්ත අධිකරණය මගින් මාස 31 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ දැරිය දැකීමෙන් පසු සිය 27 හැවිරිදි පුත්‍රයාට ඇය විවාහ කරදීමට දැරියගේ මාපියන්ට යෝජනා කර ඇති අතර ඇගේ මාපියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙසේ පුත්‍රයා සමඟ එක්ව දැරිය පැහැරගෙන ගොස් ඇති බවයි.
චීනයේ විවාහ පනතින් ළමා විවාහ තහනම් කරනු ලැබුවත් එරට ධනවත් පවුල්වල විවාහ වන වයසේ පසුවන පිරිමින් සඳහා ග්‍රාමීය පළාත්වල දිළිඳු පවුල්වලින් ළාබාල දැරියන් මිලදී ගැනීම් සිදු වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වැඩිවියට පත්වීමෙන් පසු සිය පුතුන්ට විවාහ කරදීමට දිළිඳු දැරියන් රැගෙන හදා වඩා ගැනීම් ද බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.