කරන්න පුළුවන් ලේසිම ව්‍යායාමය.. ඇවිදින මං තීරුවල ඇවිදින එක..
ඒත් ඒ ඇවිදින එක මේ විදිහට කළොත්, තවත් ප්‍රතිඵල වැඩි වේවි..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි..
ව්‍යායාමය කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලූ සහිත එබෙන සුළු ස්තරයක්.. මොකද සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න නොහැකි වෙනවා..
නමුත් ඔබ තණකොළ, වැලි බොරලූ හෝ කොහු සහිත බිමක ඇවිදිනවා නම් ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වාසි ගැනයි..
*ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙනවා, විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇග පණ නැති වන අයට වැදගත් වෙනවා.
*දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යය වෙනවා. මේ වගේ ආබාධ තියෙනවානම් හරි දන්නා කෙනෙකුට තියෙනවානම් හරි ඔවුන්ව දැනුවත් කරන්න.
*වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙනවා.
*තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙන සුලූ තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.
*කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.
*ශරීරය හැඩ කරයි.
*මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත්.
(කඳු පරදේශ බොරලූ පාරක, මුහුදු තීරයක)
*නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලූ තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.
*එබෙනසුලූ බව නිසා විළුඹේ ඇගිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.
*තණකොළ බිමකදී නම් ශරීරය අග ලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලූකර, බෙල්ල හා කොන්ද වැනි පරදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.
*ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.
*ආර්තවය සම්බන්ධ ගැටලූ, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශ්රිත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙනවා.
..අන්තර්ජාලය ඇසුරෙන්…