සමයේදී රෙදි වියලාගැනීම කෙතරම් අපහසු කාර්යයක්ද යන්න අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.
එම නිසා නිවාස තුල රෙදි වියලීමට තමයි බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ. නමුත් එම අයහපත් පුරුද්ද නිසා ඔබේ සෞඛ්‍යය තත්වය බරපතල අවදානමකට ලක්වෙන බව ඔබ දන්නවා ද?
දුර්වල පරතිශක්තියක් සහ ඇදුම රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට එය ඉතාමත්ම හානිකර බව හොඳින් මතක තබාගන්න.
නිවස තුල රෙදි වියලන විට වාතයේ දියසීරාව (ආර්ද්‍රතාවය) සියයට 30කින් පමණ ඉහළ යනවා. එය දිලීර නිර්මාණය වීම සඳහා හිතකර වටපිටවකි. එලෙස නිර්මාණය වෙන දිලීර විශේෂයක් ලෙස “Aspergillus fumigatus”හඳුන්වන්න පුළුවන්. එම දිලීර පහසුවෙන්ම ආශ්වාස වෙනවා.
සෞඛ්‍යමත් පුද්ගලයින්ට ඉන් හානියක් නොවුණත්, දුර්වල ප්රතිශක්තියකින් යුත් පුද්ගලයින්ට නම් එම දිලීර ඉතාමත්ම හානි කරයි. ඒ හේතුවෙන් ශ්වාසනාලිකා ප්‍රදාහය වැනි සෞඛ්‍යය තත්වයන් ඇතිවීමටද වැඩි ඉඩකඩක් පවතිනවා.
මෙම වායු දියසීරාව තුල කුණු පහකරන නිෂ්පාදන වල සහ මෘදු කාරක වල ඇති රසායනික ද්‍රව්‍යයද විශාල ලෙස අන්තර්ගත වෙනවා.
නිවස තුල රෙදි වියලීම කියන අයහපත් පුරුද්ද නිසා ඔබේ සෞඛ්‍යයට මෙතරම් බලපෑමක් එල්ලවෙන බව නම් ඔබ කිසිවිටෙක නොසිතන්නට ඇති.
( උපුටා ගැනීමකි.. )