ඇල්ල කරදගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රියව ඇති නායයැම පිලිබඳව නිරික්ෂණය කිරීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන ඇතුළු කණ්ඩායමක් විසින් අද දින එම ප්‍රදේශයේ නිරික්ෂණය කිරිමට එක් වුණා.
එහිදි ඩ්‍රෝන කැමරා ඇතුළු විවිධ තාක්ෂණික ක්‍රම මගින් එම ප්‍රදේශයේ නිරික්ෂණ හා පරික්ෂා කිරිම කල එම කණ්ඩායම විසින් මේ වනවිට එම ප්‍රදේශයේ අසමතුලිතතාතාවයක් හටගෙන ඇති බවත්,සමහර ස්ථානයන් විසිරි ඇති බව හා සමහර ස්ථාන බැස ඇති බවද පවසනවා.
මෙම නායයෑම වලක්වා ගැනීමට සදහා කෙටි කාලින ක්‍රමවේදයන් හදුන්වා දෙන බවත් එම ප්‍රදේශයේ ඇතුලත ඇති ජලය පිටතට ගැනීමට කටයුතු කරන බවත්,පහුගිය කාලයේ එම ප්‍රදේශයට ඇඳ හැළුණු වර්ෂාපතනය මෙන්ම උමාඔය පිරවීමත් සමග ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යා හැකි බවත් පවසා සිටි අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන එය පාලනය කිරිමට හැකියාව පවතින බව ද පවසනවා.