ඇත්තටම සමහර මිනිස්සු මිය ගියාම හිතට දැනෙන වේදනාව කියා ගන්න තේරෙන්නෙ නැති තරම්.
හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් මේ සොඳුරු දේශපාලකයාගේ හදිසි වියෝව හැමෝගෙම හිත් වේදනාව ඇති කරන්නක් වුණා.
1960 වසරේ මැයි මස 03 වැනිදා ජන්ම ලාභය ලැබූ පාලිත තෙවරප්පෙරුම මහතා මිය යනවිට 64 වන වියේ පසුවුණා.
දේශපාලනය තුළ සක්‍රීයව සිටියදී සහ ඉන් ඉවත්ව සිටි මොහොතේ දී පවා ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ නායකයෙක් ලෙස තෙවරප්පෙරුම හැඳින්විය හැකි බවයි කළුතර ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.
2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.
එම කාලය තුළ ඔහු කළුතර දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටුකළ බවද සඳහන්.
තෙවරප්පෙරුම මහතා ස්වදේශ කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
ඔහු ජීවත්ව සිටින කාලයේදීම සිය සුසානය නිර්මාණය කිරීමත්, අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් පිළිබඳවත් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.