අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හදිසියේම අභාවයට පත්වූ පුවත අප ඔබ වෙත ගෙන ආවා.
ඉතින් මේ ඔහු සම්බන්ධව ප්‍රවීන මාධ්‍යවේදියකු වන ප්‍රියන්ත කොඩිප්පිලි තබා තිබූ සටහනක්.
අමරදේව මියගිය වෙලාවෙ බොඩි එක තිව්වෙ ටොරිංටන් එකේ.එදා හැන්දෑවෙ අපිත් ගියා ඒ පැත්තෙ.පෝලිමේ ගිහින් තමයි දේහයට අචාර කරන්න තිබුණෙ.පෙට්ටියට ටිකක් දුරින් කෝඩ් ඇදල පෝලිමේ සීමාව ලකුණු කරල තිබුණෙ.හැබැයි ජනප්‍රිය අයට,ප්‍රසිද්ධ අයට, නම ගිය අයට, VIP අයට ලණුව පැනල පෙට්ටිය ළගටම ගිහින් ගෞරව කරන්න චාන්ස් එක තිබුණ.අපි යන වෙලාවෙ ගායක ගායිකාවක්ට සම්බන්ධ සංගමේක ඒ කාලෙ ලොකු තනතුරක් දරපු පොරක් තමයි පෙට්ටිය ළග ඉදගෙන මූණ බලල ජනප්‍රිය ප්‍රසිද්ධ සිවිල් කට්ටිය ලණුව පන්නල ඇතුලට අරගෙන දේහය ළගටම යැව්වෙ.
” පොඩි බාල්දියක් පෙරලමුද…”
මමත් එක්ක ගිය යාළුවට මම කිව්ව.
“මෙතන පිස්සු නටන්නෙ නැතුව බොඩි එක බලල යමං…”
යාළුව මට කිව්ව.ඒත් නිකංම යන එකේ කිසි ආතල් එකක් නෑ වගේ නිසා පොඩි කොක්කක් දාගනිං කියල මගේ හිත මට කිව්ව.පෝලිමේ ඉදල පෙට්ටිය ළගට ආපු මම ගායක ගායිකා සංගමේ අර පොරව ගණන් ගන්නෙ නැතුව ලණුව පැනල පෙට්ටිය ළගට යන්න හැදුව.එතකොටට ඒ හාදය “ඇතුලට යන්න බෑ ඔහොම ගිහින් එළියට යන්න” කියල කිව්ව.අපිට කලින් සරච්චන්ද්රලගෙ නාට්‍යවල එහෙම රඟපාපු නළුවෙක්,කවි එහෙමත් ලියන නම ගිය සිවිල් පොරක් එහෙම ලණුව පන්නල අර හාදය ඇතුලට ගත්ත.මම උගේ කතාව ඇහුණෙ නෑ වගේ පෙට්ටිය ළගට යන්න හැදුව.එතකොට මිනිහ ආපහු කියනව “VIP කට්ටිය විතරයි ඇතුලට ගන්නෙ” කියල.ඔන්න ඉතිං අපේ මල අතේ.මම මිනිහගෙ කණට කිට්ටු කරා.
“අපි VIP නෙවෙයි කියල ඔයා තීරණය කෙරුවෙ කොහොමද…”
“මෙතන අනවශ්‍ය ප්‍රශ්න දාන්නෙ නැතුව යන්නකො…”
පොර ඒ ගමන කිව්ව.
“ලොක්ක මේ… දැන් අපිට කලින් ගිය අය VIP වුණෙයි අපි VIP නොවෙන්නෙයි කොහොමද කියන්නකො.එතකොට අපි යන්නං…”
මේ ආගියුමන්ට් එක අතරෙ කට්ටිය පෝලිමේ ඉස්සරට යනව.එතකොටම අපිට පිටිපස්සෙන් ඉදපු කෙනෙක් පෙට්ටිය ළගට යන්න හැදුව.අර පොර ඒ මනුස්සයටත් අපිට දාපු මරිසියම දැම්ම.ඔන්න මට නියම චාන්ස් එක ආවෙ එතකොට තමයි.
“මේ ඕයි දන්නෙ නැද්ද මේ මනුස්සයවත් කවුද කියල.මෙයාගෙ චිත්‍රපටිවලට මෙයා අමරදේව එක්ක සිංදු හදනකොට තමුසෙ තාත්තගෙ අහවල් එකේවත් නැතුව ඇති වාහේ.මේ මනුස්සයට ඇතුලට යන්න දෙනව මේ තිස්ස ලියනසූරිය….”
පොරට හීන් දාඩිය දැම්ම.අතටබැට්න් එක අතට ආපු වෙලවෙ මම පොරට උඩ පැනල දුන්න.
“අපි පෙට්ටිය ළගට යන්න හැදුවෙ තමුසෙ වගේ මළමිනීවලට ආසාවෙ නෙවෙයි තමුසෙව බියිට් එකට ගන්න හිතාගෙන.මෙතන බොරු පොයියෙන් රඟන්නෙ නැතුව ඉන්නව ඕයි… “
එතකොටම එතනින් යන්න ආපු එවකට සංස්කෘතික රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මගේ කතාව ඇහිල “මොකෝ මල්ලි කේස් එක” කියල ඇහුව.පත්තරේ වැඩවලට කීප වතාවක් හම්බවෙලා තෙවරප්පෙරුම මාව දන්නව.
“නෑ මේ පොඩි VIP සීන් එකක්.දන්නැද්ද මිනීවලට කාක්කො හෙන පෙරේතයිනෙ…”
පොරට තේරුන මොකක් හරි කොක්කක් තමයි කියල.මගේ කරට අතක් දාගෙන එළියට ආපු තෙවරප්පෙරුම මෙහෙම කිව්ව.
“මම නම් ඉතිං මහ ලොකුවට අමරදේව ගැන දන්නෙ නෑ.ආතල් එකක් දානකොට නම් ලොක්කගෙ සිංදුවක් එහෙම කියනව.ඒක නිසා මම අද මෙතන නයිට ගහනව මල්ලි…”
සුබ ගමන් පාලිත ලොක්ක…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/ැටෙය.jpg)