කාලයේදී පොදු ප්‍රවාහන සේවා මහජනතාවගෙන් පිරී ඉතිරී යන කාලයක්..
කොහොම වුණත්, හැම මගියෙකුටම පහසුවෙන් තමගේ ගමනාන්තය කරා ළඟාවීමට මෙන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කරලා..
ඒ අනුව, පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ ප්‍රකාශ කළා..
ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබෙනවා..
මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා..
මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි
අප්‍රේල් 14 – ප.ව. 3.30 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 14 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි වාර්තා වෙන්නේ..