අච්චාරු හදන්න සල්ලි වියදම් කරපු කාලෙ දැන් ඉවරයි..
දැන් මේ කියන්න යන්නේ ඔබේ අවුරුදු කෑම මේසය ලේසියෙන්ම රසවත් කරන, ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෝජු කීපයක් ගැනයි..
කෙහෙල් බොඩ සහ ගස්ලබු අච්චාරුව..
ගොඩක් ගෙවල්වල මේ කාලෙ කෙසෙල් කැන් කපනවනෙ, ඉතින් මේ කෙසෙල් බොඩය විසි කරන්නේ නැතුව මෙහෙම අච්චාරුවක් හදා ගන්න පුළුවන්..
-කෙහෙල් බොඩ කෑල්ලක්,
-හොඳින් පැහිච්ච ගස්ලබු පලුවක්,
-කොච්චි කරල් කිහිපයක් දාලා, වෙනත් අච්චාරු හදන විදියටම හැදුවේ.. වෙනසකට කරේ විනාකිරි වෙනුවට සියඹලා එකතු කරපු එක විතරයි.
ගොඩක් ලේසියෙන්ම ගෙවත්තෙන් හොයා ගන්න දේවල් දාලා රස ගුණ පිරි මේ වගේ ආහාර සකසා ගෙන පෝෂණයත් සපුරා ගන්න.
පොලොස් (පැහි) ගස්ලබු අච්චාරුව..
මේක හරිම රසවත්.. සාමාන්‍ය අච්චාරු හදන විදියට තමා හැදුවෙ, නමුත් විනාකිරි වෙනුවට සියඹලා දැම්මා, හේතුව අබ සහ විනාකිරි එකට දාන කෑම සමහර අයට ආසාත්මිකතා ඇති කරන නිසා..
මෙහෙම පිරිසිදු රෙදි කඩකින් බැඳලා තිබ්බම සතියක් වුනත් එළියෙ තියෙන්න පුළුවන්, ඊට වඩා වැඩි කාලයක් තියා ගන්න ඕනෙ නම් ශීත කරණයේ දාන්න..
දැන් අච්චාරු හදන්න ලොකු වියදමක් යන්නෙ නෑ..
ගෙවත්තෙන් හොයා ගන්න පුළුවන් ගොඩක් දේවල් වලින් මේ විදියට හදා ගන්න පුළුවන්..
කෙසෙල් ලෙලි මොජුව..
මේක හදන්න මම පාවිච්චි කරේ හොඳින් ඉදුණු කෙසෙල් ලෙලි කිහිපයක්, හැබැයි කඩෙන් ගන්න බෙහෙත් ගහලා ඉදවන කෙසෙල් නම් මේකට හොද නෑ..
මම ගෙදර හදපු ගහක කෙසෙල් ලෙලි තමා ගත්තෙ.. වම්බටු මෝජු හදන විදියටම හැදුවෙ නමුත් විනාකිරි වෙනුවට සියඹලා දැම්මා..
වාත අමාරු කියලා වම්බටු කන්න බැරි අයටත්, ආසාත්මිකයි කියලා විනාකිරි පාවිච්චිය හොඳ නැති අයටත් නියම විසඳුමක් මේක..
හරිම රස කෑමක්, වම්බටු මෝජු පරාදයි, ඔයාලත් හදලා කාලා බලන්න..
කිසිම වියදමක් නැතුව ගෙවත්තෙම තියෙන අපි නොදැනුවත්ව ඉවත දමන දේවල් වලින් මෙලෙස ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..?
කෙසෙල් ගසේ බොහෝ දේවල් අපි ප්‍රයෝජනයට ගන්නවා, සමහර අයං කෙසෙල් කන්නෙ ලෙල්ලත් එක්ක. එච්චරට කෙසෙල් ලෙල්ල ගුණ නිසා..