කෝකිල පවන් කියන්නේ රටම දන්නා ආදරණිය කලාකරුවෙක්. එයාගේ ආදරණිය බිරිඳ තමයි විශාරධ නිමාලී කියන්නේ. ඉතිං එයා මේ ලඟදි අලුත් වැඩක් කරලා කියලා තමයි ආරංචි ආවේ. ඒ මුහුණු පොතේ දාපු සටහනක් නිසා.
නිමාලි බ්‍රිතාන්‍යයේ එයා ආරම්භ කරපු භරත නැටුම් ආයතනයේ එයාගේ පලවෙනි කණ්ඩායමත් එක්ක සලන්ගි පූජාවක් කරලා තියනවා.
එයාගේ නැටුම් කණ්ඩායම හරි ලස්සනට රතු සහ සුදු පාටින් ඇඳලා මේ පූජාවට සහභාගී වෙලා තියෙනවා.
කෝවිලක තමයි මේක කරලා තියෙන්නේ… නිමාලි සම්ප්‍රදායානුකුලව එයාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පූජාව අතරතුර දී ගෙජ්ජි පලන්දලා හරි අපූරුවට ඒක සිදු කරලා තියෙනවා.
එයාගේ භරත නැටුම් ඉගැන්වීමේ ගමනේ අලුත් ආරම්භයක් සනිටුහන් කරපු මේ අවස්ථාවට කෝකිලත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරලා තියෙනවා.
අපිත් නිමාලි සහ කෝකිල දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු ඉතාම හොඳින් සාර්ථක වේවා කියලා සුබ පතනවා.
මේ බලන්නකෝ ඉතින් නිමාලිගේ පුංචි නැට්ටුක්කාර නැට්ටුක්කාරියෙන්ගේ හැඩ,