කලාව බිහි වන්නේ නිදහස් නිරවුල් මනසින්ම පමණක් බව කිය නොහැකිය.
මන්ද විටකදී ශෝකාලාපයක් පිට කිරීමට කලාව දායක කරගත හැක. එසේ කිරිමෙන් කලාකරුවාගේ මනස නිරවුල් වනවා සේම එය සුප්‍රසිද්ධ කලානිර්මාණයක් වෙයි.
එමෙන්ම එය දහසකුත් පාඨකයන්ගේ මෙන්ම රසිකයන්ගේම අත්දැකීමක එක් පැතිකඩක විවිවරණයක් ද විය හැකිය. එනමුත් වත්මන් සමාජයේ ඩිජිටල් ආගමනයට නතු වීමත් සමග නිර්මාණකරණයට සෑම දෙනාම මැලි බවක් දක්වයි.
තමන්ගේ සිතැගි තමගේ සිතුවිලි අකුරු කරන්නට කාලය සොයා ගැනීමට නොහැකි ලෙස ඩිජිටල් අවකාශය තුළ කාලය නිකරුණේ වැය කරයි. ඩිජිටල් අවකාශයෙහි අතරමං වී සිටී.
සතුටකදී තම ප්රීත්මත් අත්දැකීම් සමාජ ගත කිරීමටද දුකදී නිර්මාණත්මක ලෙස ව්‍යංගවත් බස් වහර යොදා ගනිමින් අපූර්ව ලෙස තම අත්දැකීම් සමාජ ගත කරනු ලැබූ නිර්මාකරුවන් අද ලෝකප්‍රසිද්ධ කලාකරුවන්ය.
අද තරුණ ප්‍රජාවගේ විකෘති මානසිකභාවයන්ට ප්‍රධානතම හේතුවක් ලෙස කලාවෙන් ඈත් වීම පෙන්වා දිය හැක.කාලවට ලැදි මිනිසා සොදුරු බවින් යුක්ත පරිකල්පන ශක්තියෙන් හෙබි බුද්ධිමත් පුද්ගලයෙක් බවට පත් වන්නේ නිරායාසයෙනි. රසවත් මෙන්ම අර්ථවත් ග්රන් ථ, ගීත,සිනමාව මෙන්න එකී නොකී සෑම නිර්මාණයක්ම රසවිදිය හැකි මනසක් තිබෙන මිනිසා තම ජීවිතයට පැමිණෙන දුකකදී හෝ කරදරයකදී එය අකුරු කර හෝ වෙනත් සංවේදී භාෂාවකින් එය පිට කරගන්නා අතර විකෘති මනෝභාවයන්ට ගොදුරු වීමෙන් වැළකේ.
එසේම ජීවිතයේ පරාජය සතුටින් බාර ගැනීමට හුරුපුරුදු වේ. කලා නිර්මාණයක ගැබ්ව ඇත්තේ තවකෙක්ගේ ජීවිත අත්දැකීමක් විනා මනංකල්පිතයන් ම නොව යම් අවස්ථාවකදී ජීවිතයෙන් කඩා වැටුණ විටකදී ශක්තිමත්ව ඉදිරියට යාමට ඒ කලා නිර්මාණයන් මෙන්න සාහිත්‍ය කලාව විඩාබර මනසට එක් සැනසුමකි. මමත්ව පෝෂණය කරගැනීමට විනා අනෙකා පිළිබදව සංවේදී වීමට නොහැකි වී ඇත්තේ සංවේදී කමේ සැබෑ අරුත පිළිබද නිසි අවබෝධයක් නොමැති නිසාය. කලාව සෑමවිටම වේදානවන් දරා ගත හැකි මිනිසුන් නිර්මාණයට දායක විය. අද සමාජයෙන් වියැකී යන කලාව, සාහිත්‍ය නැවත සමාජගත කිරීම සැමගේ වගකීමයි. එමගින් නැතිවී යන වටිනා තරුණ ජීවිත රැකගැනීමට හැකවනු ඇත.
උපුටාගැනීම
පී.සමරතුංග