මානයේ කහවන් පලසක් ඇතිරූ ආකාරයෙන් පිපී ඇති බළල් පහුරු නමැති පඬු පැහැ පුෂ්ප විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය අලංකාරවත්ව පවතින අයුරු මේ දිනවල එහි පැමිණෙන අයට දැකගත හැකි වනවා.
Dolichandra unguis-Cati නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන මෙම බළල් පහුරු ශාකයේ මල් පල දැරීම සෑම වසරකම මාර්තු මස මැද භාගයේ සිදුවන අතර ඉන් පසුව අප්‍රේල් මස මැද දක්වා පවතී.
පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ මෙන්ම, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන පරිශ්‍රයන්හිද විශාල වශයෙන් වර්ධනය වී ඇති මෙම ශාකයන්හි පිපෙන මල් මුළුමනින්ම ඉතා දීප්තිමත් පඬුවන් පැහැයෙන් යුක්තය.
මෙම ඉතා අලංකාර මල් පිපෙනා ශාකය විශාල වැලක් ආකාරයෙන් පැතිරෙන අතර එම වැල් මීටර් 30කටත් වඩා ඉහළට ගමන් කරමින් දස දෙස පැතිරේ. ඉන් පසු මල් වැල් ආකාරයෙන් පහතට එල්ලා වැටෙමින් මනස්කාන්ත දර්ශනයක් මවන මෙම බළල් පහුරු මල් යාය නැරැඹීම සඳහාද විශාල පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය කරා නිතිපතා පැමිණෙයි.