සඳහා ෆෝබ්ස් සඟරාව මගින් නම් කල ලෝක බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව, බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන ලිවියා වොයිග්ට් ලොව ලාබාලම ප්‍රකෝටිපතිනිය බවට පත් ව තිබෙනවා.
දහනව හැවිරිදි ඇයගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.1 ක් බව සඳහන් වනවා.
ලිවියා ගේ මියගිය සීයා එනම් වර්නර් රිකාඩෝ වොයිග්, බ්‍රසීලයේ විදුලි උපකරණ නිෂ්පාදන සමාගමක් වන WEG හි සම – ආරම්භකයෙක් වන අතර එහි ලිවියාට අයත් කොටස් වල වටිනාකම හේතුවෙන් ඇය ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය බවට පත්ව තිබෙනවා.
ඇයගේ වැඩිමහල් සොහොයුරිය වන 26 හැවිරිදි ඩෝරා වොයිග්ට් ද ලාබාලම බිලියනපතියන් 25 දෙනා අතරට එක්ව සිටිනවා.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔවුන් දෙදෙනා, පවුල් උරුමයෙන් ප්රකෝටිපතියන් බවට පත්ව ලැයිස්තුවට එක් වූ 18 දෙනාගෙන් දෙදෙනෙක්.
WEG සමාගම වාර්ෂිකව ඒකක මිලියන 21 කට වඩා නිෂ්පාදනය කරන ලොව විශාලතම විදුලි මෝටර් නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර එය විදුලි මෝටර, විචල්‍ය සංඛ්‍යාත ධාවකයන්, ට්‍රාන්ස්ෆෝමර් සහ තවත් එවැනි දෑ සඳහා ගෝලීය විසඳුම් සපයයි.
ඔවුන් රටවල් 135 කට අපනයනය සිදු කරන බව ද වාර්තා වනවා. කෙසේ වෙතත්, සමාගමේ මෙහෙයුම් සඳහා සහෝදරියන් කිසිවෙකුත් සම්බන්ධ වී නොමැති බව සඳහන් වනවා.
ලිවියා සහ ඩෝරා දෙදෙනාටම WEG හි කොටස් වලින් සියයට 3.1 ක් හිමි වන අතර, ඔවුන්ගේ වැඩිහිටි ඥාති සොහොයුරු සොයුරියන් වන එඩුවාඩෝ සහ මරියානා සතුව සියයට 3.9 කොටස් තිබෙන බවද සඳහන් වනවා.
ෆෝබ්ස් සඟරාව දක්වන පරිදි මෙවර ලැයිස්තුවේ වැඩි ආධිපත්‍යයක් දරන්නේ තරුණ පුද්ගලයන් වන අතර, ලාබාලතම පුද්ගලයින් විසි පස් දෙනා වයස අවුරුදු 33 හෝ ඊට අඩු අයයි.