මිනිස්සුන්ට ඇති කරන්න පුළුවන් සත්තු ගැන දැනුවත් වීමක් අපි හැමෝටම තියෙනවා.
මේ කියන්න යන කතාව ලංකාවේ අපිට නම් ටිකක් අමුතුයි.කිඹුලෙක් ඇති කරන ලංකාවේ තරුණයෙක්.පසුගිය දිනවල ෆේස්බුක් සමාජ ජාලා හී හරි අපූරූ පෝස්ට් එකක් ශෙයාර් වුණා.ඒ කිඹුල් පැටියෙක් ඇති කරන තරුණයෙක් ගැන.මව අහිමි කිඹුල් පැටියෙක් ගැන තමයි ඒ සටහන තබලා තිබුණේ.කොහොම වුණත් ලංකාවේ නම් මෙහෙම සතුන් ඇති කරන්න නීතියෙන් අවසරයක් නම් නැති බවට තමයි ඇසෙන්නේ.මොකද තරමක පවතින අනතුරුදායක බව නිසා.කොහොම වුණත් මේ ඔහු තබා තිබුණ සටහන.
” උඹ අම්මගෙන් වෙන් වෙලා මගෙ ලග නතර වෙලා ජීවත්වෙන්න ගත්තු දවසෙ පොඩි චකිතයක් හිතෙ තිබුනා උඹව බලාගන්න පුලුවන් වෙයිද කියලා.
ඩොක්ටර්ස්ලා පවා කියුවා හදන්න බැ අවුරුදු දෙකයි උපරිම පුළුවන් කියලා.
සත්තු කියන්නෙ මගෙ ජීවතේ ප්රධානම කොටස.
උඹට දැන් කැලැවල් ගඟවල්වල උඹගෙ ජීවිතේට හුරු නැහැ.
උඹ දැන් මගෙ පවුලෙ කෙනෙක් උඹට අපෙ ගෙදර තරම් කිසිම තැනක් හරියන් නෑ .
ඒක වනජීවි එකට පොලිසියට තේරෙන් නෑ හැලයෝ
උඹව මගෙන් අරන් යන්න කාටවත් බෑ මම ඒකට ඉඩ දෙන්නෙත් නෑ.
ඉතින් උඹ එක්ක මං හැමදාටම ඉන්නවා මාව දාලා යන්න හිතන්න එපා හැලයෝ
මං උඹට මහා ගොඩක් ආදරෙයි
ඉතින් මගෙ හැලයෝ උඹට සුභ උපන්දිනයක් වේවා !! “
මෙම සටහනෙන් පසුව ඔහුට අත්දකින්න වුණ සිදුවීම ගැනත් ඔහු සටහනක් තබා තිබුණේ මෙහෙම.
“මේ වෙද්දි වනජීවි එකට පොලිසියට දැනුවත් කරපු හැමෝටම බොහොම ස්තූතියි.
මට ඒ කෝල් ආපු නම්බර්ස් පවා දුන්නා ඒ මිනිස්සු.
මනුස්සකමක් සත්තුන්ට ආදරයක් නැති කුහක උඹලා කාට කියුවත් හැලයව ගෙනියන්න දෙන්නේ නෑ.
මොන පෟ#%# වුනත් එච්චරයි..”
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-4.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-5-1024x765.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-6.png)