විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා..
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුවයි..
ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිහකගෙන් පමණ පොලිස් බල ඇණියක් කොටුව අධිකරණයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ..
මේ අතර ඉකුත් (02) වැනි දා ඔවුන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා..