ලංකාවේ බස්.. එහෙම කියනකොටම එක පාරටම මත්ක් වෙන්නේ අධික තදබදය නේ..
ඒ අතරේ ප්‍රවේශපත්‍ර, ඉතුරු මුදල් ගැන එහෙමත් මතක් වෙනවා නේද..?
ඔන්න ඉතුරු සල්ලි දෙන්න බෑ කියන කොන්දොස්තරලා වගේම ප්‍රවේශපත්‍ර දෙන්න බෑ කියන අයටත් මේ කියන්න යන ආරංචිය ඒ තරම් හොඳ වෙන එකක් නැති වෙයි..
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය වන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා..
මෙය 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ…