වත්සලා දියලගොඩ කියන්නේ අපි බොහෝ දෙනෙක් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්..
ඇය ගොඩක් සුරූපී තරුණියක් වුණත් ඇය රංගනයෙන් දායක වුනු චරිත තිබුණේ ගොඩක් සීමිතවයි.. ඒ ඇයි කියල ඇය කාලෙකට පස්සේ කිව්වා..
විවාහයත් එක්ක දරුවන් ලැබීමත් එක්ක රංගන ක්ෂේත්රයෙන් ඈත් වෙන්න වෙච්ච වත්සලා දැන් ඒ ගැන ඉන්නේ ලොකු පසුතැවීමක වගේ..
ඇය විවාහ වෙලා වසර පහළොවක් මේ වෙද්දි ගතවෙලා තියෙනවා..
රංගන ශිල්පිනියක් විදිහට ඇගේ ගමන පටන් ගත්ත මුල්ම කාලෙ තමයි වත්සලා මේ විදිහට විවාහ වෙන්න තීරණය කරලා තියෙන්නේ…
රංගන ශිල්පිනියක් විදිහට ඇගේ වෘත්තීය ජීවිතයේ අතින් මේ ගත්ත තීරණය ඒ තරම් ලේසි දෙයක් නොවුනත්, ඇය ඒ කැපවීම කරලා.. කොහොම වුණත් ඒකාලේ ගත්ත ඒ තීරණය ගැන දැන් නම් ඇය පසුතැවෙනවාලු..