මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබා ගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬූ කඳුලෙන් ඔහුට කී ප්රශ්නය නිසා හිත උණුවී ආපසු යාමේ පුවතක් මීගමුවෙන් වාර්තා වෙනවා.
‘ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න’ යැයි එම තැනැත්තා ඇයට කියමින් සිය දුරකථන අංකය ද ඇතුළත් කාඩ්පතක් ඇයට දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අනුව එම තැනැත්තා පොලිසිය මගින් ගෙන්වා ගෙන ඔහුගෙන් කට උත්තරයක්ද ගෙන තිබේ.
“මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා. ඇය හඬන්නට පටන් ගත්තා” යැයි ඔහු පවසා ඇත.
මෙම 15 හැවිරිදි දැරිය ගෙදරින් තරහ වී එද්දී ඇගේ ඥාතීයෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇය භාරදී ඇත්තේ රුපියල් 15,000 ක මුදලකට බවට වන බවයි සදහන් වන්නේ.
පොලිසිය මෙම වැටලීම කිරීමට දින තුනකට කලින් ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තිබීම නිසා ඇය වැඩි කාලයක් එහි සේවය කර නැතැයි ද පොලිසිය කියයි.