මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා..
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහොය හැඳින්වීමට හැකියාව පවතිනවා..
බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ..
කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවද ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බවද සඳහන්..
එමෙන් ම යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිමද අද වැනි දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ..