පසුගිය දිනවල කැන්ඩි සිටි සෙන්ටර් හී සැක්සෆෝනයෙන් එහි යන එන අයව වශී කරගන්නා හරි අපූරූ තරුණියකගේ වීඩියෝ පටයක් සමාජ ජාලා තුළ ඉතාමත් ජනප්‍රිය වුණා.
” තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් ” වික්ටර් රත්නායකයන්ගේ ඒ ගීතය සැක්සෆෝනයෙන් වාදනය කරමින් එක රැයින් මුළු රටකම ආදරය දිනා ගන්න ඇය සමත් වුණා.
ඉතින් මේ නිසාම ඇය ගැන හොයන්න ගොඩ දෙනෙක් උත්සුක වුණා.
කව්ද මේ සුරූපී කලා ශිල්පිනිය.ඉතින් හිරු ගොසිප් අපි ඇය එක්ක ඔබ වෙනුවෙන් කතා කළා.
ඇය නමින් මාෂා නුවංගි වීරසිංහ.
නුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය සංගීතය ඇයගේ ජීවිතයේ කොටසක්ම කරගන්නේ පාසල් කාලයේදිමයි.
සැක්සෆෝනයෙන් සිය හැකියාව පෙන්වන මාෂි පාසල් කාලයෙදි නම් සැක්සෆෝනයෙන් සංගීත කටයුතු කරලා නැති බවයි කියන්නේ.
” මම පාසල් කාලයේදී බටහිර තූර්ය වාදන කණ්ඩායමේ හිටියා.
ඒකේ ඉද්දි මට වාදනය කරන්න ලැබුණේ ට්‍රම්පට් එක.
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ තමයි සැක්සෆෝනයක් මට හම්බෙන්නේ.
ඒකත් මීට මාස තුනකට කලින් අම්මයි තාත්තයි උපන් දිනයට මාව සර්ප්‍රයිස් කරන්න ගෙනාවෙ “
සංගීත විශාරදවරියක්ද වන ඇය මේ වෙද්දි සංගීත ගුරුවරියක් විදිහටත් කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරන සිසුවියක් විදිහටත් කටයුතු කරද්දී ඇය ඇගේ සංගීත දිවිය ගැන කිවුවේ මෙන්න මේ විදිහටයි.
” මම ගොඩාක්ම ආස කළේ සිංදු කියන්න.
ඒ නිසාම මම හිරු ස්ටාර් සීසන් 2 වැඩසටහනට එනවා.
ඒ තරගයේදි මම බැට්ල් රවුන්ඩ් දක්වා ආවා.
ඒ වගේම දිවිතුරා ටෙලි නාට්‍යයෙත් මම රංගනයෙන් එකතු වුණා.
මෙහෙම ඉද්දි මට හැම තිස්සෙම වෙනසක් කරන්න උවමනාවක් තිබුණා.
මට වඩා මගේ අම්මට ඒ වෙනස කරන්න අවශ්‍ය වුණා.
එයා තමයි මෙහෙම කරමු අරහෙම කරමු කියලා කියන්නේ.
ඉතින් හැමෝම සිංදු කියන නිසාම වෙනසකටත් එක්ක තමයි සැක්සෆෝන් වාදනය කරන්න ගියේ.”
මිට මාස තුනකට කලින් හමුවුණ සැක්සෆෝනයෙන් දවස් තුනකින් පංති ගිහින් ඉගෙන ගෙන අද වනකොට ඇය ලංකාවේ ජනප්‍රිය සැක්සෆෝන් වාදන ශිල්පිණියක් බවට පත් වෙනවා.
” මම KCC එකට මුලින්ම යන්නේ සිංදු කියන්න…
සංගීත භාණ්ඩ වාදනය කළේ නැහැ මම එතකොට..
පස්සේ තමයි බෑන්ඩ් එකේ අය කිවුවේ සංගීත භාණ්ඩයක් වාදනය කරමු කියලා.
එයාලා එහෙම ප්ලේ කරද්දි ෆේස්බුක් ලයිව් එකක් දෙනවා.
එහෙම ලයිව් දෙද්දි දැකපු එකක් තමයි ගොඩක්ම වෛරල් වුණේ.
ඒක පැය 10 කින් වගේ මිලියනයක් විතර බලලා තිබුණා.
ඒක තමයි මගේ ටර්නින්ග් පොයින්ට් එක.
ඒ වගේම තමයි ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.
මට මම උගන්වන පාසලෙනුත් ඉතාමත් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වැඩවලට”
මේ දවස්වල වෛරල් වෙන වීඩියෝව ගැන ඇය කියන්නේ අන්න ඒ වගේ කතාව.
සංගීත ගුරුවරියක් වුණ ඇය සංගීත දිවියේ බලාපොරොත්තු ගැන කියන්නේ මෙහෙමයි.
” මම මගේම කියලා නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගොඩක්ම වෙනස් දේවල් කරන්න තමයි මගේ කැමැත්ත,ගයනය සහ වාදනය පැත්තෙන් අලුත් දෙයක් අරන්න ආශාවෙන් ඉන්නවා”
මාෂි ඇගේ සිහින ගැන කිවුවේ එහෙමයි.
රටකම ආදරය දිනූ ඇය ඇගේ ආදරය ගැන කිවුවේ මෙන්න මෙහෙම කතාවක්.
” මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි, තාත්තයි ,මල්ලියි.මම තවම තනිකඩයි.
මම කැමතියි මගේ හීනවලට උදව් කරගෙන මා එක්කම ඉස්සරහට යන කෙනෙක්ව “
ඉතිං මේ තමයි රටක් දන්න ඇයගේ ඔබ නොදන්නා කතාව.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/1-4-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/2-4-768x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/3-3-748x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/6-1-726x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/5-1-683x1024.jpg)