කැනඩාවේදී පන්ජාබ් ජාතිකයෙකු තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දීය සම්බවයක් සහිත 41 හැවිරිදි වියේ පසුවන Balwinder Kaur නමැති කාන්තාවකි.
මෙම ඝාතනයෙන් පසු ජග්ප්රීට් සිං ලුදියානා හි පිහිටි තම මවට වීඩියෝ ඇමතුමක් ලබා දී තම බිරිඳ ඝාතනය කළ බව පවසා ඇති බව සදහන්.
“මගේ සහෝදරියට පිහියෙන් ඇන මරා දැමීමෙන් පසු, ජග්ප්රීත් ලුඩියානා හි පිහිටි ඔහුගේ මවට වීඩියෝ ඇමතුමක් ලබා දී ‘මම ඇයව සදහටම නිදි කරවා’ යැයි පවසා තිබෙනවා.
ඔවුන් 2000 දී විවාහ වූ අතර දියණියක සහ පුතෙකු සිටි බව ඉන්දීය එක්ස්ප්‍රස් වාර්තා කරන අතර බල්වින්දර් කැනඩාවේ ඉගෙනුම ලබන ඇගේ දියණිය සමඟ නැවතී සිටින බව සදහන්.
එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.