දිනවල පවතින උණුසුම් කාළගුන තත්වය ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ.
පවතින උණුසුම් තත්වය නිසා ඇතිවන රෝගී තත්වයන් නිසාත් බොහෝ පිරිස් අපහසුතාවයට පත්ව තිබෙනවා.
මේ කියන්න යන්නේ අද දවසේ උණුසුම වැඩිම ප්‍රදේශය ගැන.
අද (20) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුල දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, එහි අගය දැක්වෙන්නේ සෙල්සියස් අංශක 36.9 ක් ලෙසයි.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 36.7ක උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 33.5 ක් ලෙසයි.