දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 4.5 ක ප්රමාණයක් දෛනිකව වාෂ්ප වී යන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය පවසනවා.
වර්ග කිලෝමීටර් 24 ක් පුරා විසිරී පවතින වික්ටෝරියා ජලාශයේ ඇති ජලය අධික අවුරශ්මිය හේතුවෙන්ම මතුපිට පෘෂ්ඨයේ මිලිමීටර 4. 4 ½ක ප්රමාණයක් වාෂ්ප වී යන බවයි ඔහු පවසන්නේ.
ජල විදුලි නිෂ්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය දෛනිකව භාවිතා කොට එයින් ගිගාවොට් 1.69 ක ජල විදුලියක් නිෂ්පාදනය කරන බවද කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් සදහන් කළා