කවුරුත් කැමතියි සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න .. ඒ අතර ගැහැනු පිරිමි භේදයක් නැහැ..
ඒත් තවමත් කාන්තාවක්න්ට ඒ නිදහස තියනවාද..? මේ කියන්න යන්නෙත් ඒ වගේ තටු සිඳුනු සමනලියක් ගැන කතාවක්..
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක කලක සිට සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ, යාපනය හංදිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කරණවෑමියෙකු සහ මිහින්තලේ පාර – කොහිලකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි..
මෙලෙස දූෂණයට ලක් වී ඇත්තේ, දැල් පන්දු, පා පන්දු, ක්‍රිකට් සහ එල්ලේ පාසල් මට්ටමින් ජාතික තරග වලට සහභාගි වී ජයග්‍රහණ හිමි කර ගත් දැරියක බවටයි අනාවරණය වී ඇත්තේ..
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම දැරිය පුද්ගලයින් පිරිසක් සමූහ වශයෙන් දූෂණය කරන බවට ලද තොරතුරකට අනුව ඇයව පොලිස් භාරයට ගෙන සිදු කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි..
අත්අඩංගුවට ගත් කරණවෑමියාගේ යාපනය හංදියේ පිහිටි කොන්ඩා කපන ස්ථානයේ පිටුපස කාමරයක දී සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බව දැනුම් දුන් පොලිසිය, දැරිය දූෂණයට ලක් කළ තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කියා සිටියා..
ඒ අතර එක්තරා පොලිස් ස්ථානයන ළමා හා කාන්තා කාර්යංශයක සේවය කරන උප පොලිස් පරික්ෂකවරියකගේ 70 හැවිරිදි පියා ද සිටින බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ..