දිනවල උතුරේ පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනිකැකිරිවලට ඉහළ ඉල්ලුමක් හා ඉහළ මිලක් නියම වී තිබෙනවා.
වෙනත් කාලවලදී කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූ සීනි කැකිරි කිලෝවක් මේ දිනවල මිල රුපියල් 300 ත් 400ත් අතර මිලක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.
මේ නිසා උතුරේ සෑම දිස්ත්රික්කයකම පහේ සීනි කැකිරි වගා කිරීමට එම පළාත්වල ගොවියෝ වාර්ෂිකව පුරුදු වී සිටිනවා.
ඉතා හොදින් සීනි කැකිරි ගෙඩි පැසුණු පසුව ඒවා පුපුරන්නට පටන් ගන්නා නිසා ගොවියන් ඒවා කොළපත් හෝ වෙනත් ආවරණ වලින් අසුරා වෙළඳපොලට රැගෙන යන බවයි වාර්තා වෙන්නේ.
දැඩි හිරු රශ්මිය පතිත වන කාලයට උතුරේ වැසියෝ මෙම සීනි කැකිරි වැඩි වශයෙන් පාරිභෝජනයට ගෙන ඔවුන්ගේ දාහය නිවා ගන්නා අතර සීනි කැකිරි ජලයේ දිය කොට සීනි දමා පානයක් වශයෙන්ද, පලතුරක් වශයෙන් සහ කෑමක් වශයෙන්ද ඔවුන් ආහාරයට ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.