අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් අද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.
එහි දී සැකකරුවන් එළඹෙන 28 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
අදාළ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති අතර සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් දැරිය විසින් පොලීසියට අනාවරණය කර තිබෙනවා.
එම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවන පියෙකු ද සිටින බවට තොරතුරු වාර්තා වෙන අතර පොලීසිය පවසන්නේ, අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
09 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ මෙම දැරිය ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරග සඳහා සහභාගී වී ඒවායින් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අති දක්ෂ දැරියක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.