කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
බස් රථය කාර්මික දෝෂයකට ලක් වී මාර්ගයෙන් ඉවතට පැන, ගසක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මෙම අනතුරට මුහුණපා ඇත්තේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට, පන්ඩලුඔය ප්‍රදේශයේ සිට බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක්.