කලාකරුවෙක්ට තියෙන ලොකුම වත්කම තමයි ඇය හෝ ඔහු වටා ඉන්න රසික පිරිස කියන්නේ..
මිනිසුන්ගේ ආදරය නොමදව දිනා දිනාගත්ත මේ 3 sistersලාටත් ඒක එහෙම්මම වෙන්න ඇති..
දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ අද වෙනකොට කාට වුණත් නුපුරුදු නම් තුනක් නෙවෙයි..මොකද ඔවුන් රංගනය අතින් වගේම සමාජ මාධ්‍ය ජාලා අතරත් අතිශය ජනප්‍රිය වගේම කාර්යබහුල චරිත ත්‍රිත්වයක්..
කොහොම වුණත් මෙයාලටත් ලස්සන අතීත කතා ඇති.. අක්කනංගිලාගේ සමගිය සතුට රැඳුනු එක එක කැපකිරීම් ගැන මේගොල්ලෝ ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවල වගේම ප්‍රසිද්ධ මාධ්‍යවලදීත් කතා කරනවා.. ඒ ගැන ඔවුන් කියන්නේ බොහොම ආදරණීයව..
ඉතින් ශේෂාත්රියට කාලෙකට පස්සේ ඒ වගේ පරණ මතකයක් ආයෙත් අවදි කරන්න හිතිලා.. ඇය කියන්න වගේ ඇගේ අක්කට තිබ්බ ලොකුම හීනය තමයි තමන්ගේ පවුල ස්ථාවර තැනකට අරගෙන එන එක..
දිනක්ෂි තමන්ගෙ ගැන හැමදේම හිතන්න පටන් අරගෙන තියෙන්නේ ඊට පස්සෙ කියලා තමයි ශේෂාද්‍රි නම් කියන්නේ.. කොහොම වුණත් මේ කතාවලට සමාජ මාධ්‍ය පිටු අතර බොහෝ දෙනාගේ ඉඩකඩ වෙන් වුණා..
ඒත් ඒ වගේ තවත් එක් සටහනක්.. අක්ක කෙනෙක් කියන්නේ හරියට අම්ම කෙනෙක් වගේ කරන්න පුළුවන් කැපකිරීම් කොයිතරම් තිබ්බත් ඇයට ඒක විඩාවක් විදිහට දැනෙන්නේ නෑ.. ඒත් එහෙම හිතන අක්කලා ඉන්නේ බොහොම අතලොස්සයි.. දිනක්ෂිත ආදරය කරන තවත් රසිකයෙක් මේ කියන්නේ අන්න ඒ වගේ කතාවක්..
“ඇය අක්කා ය.
ඔව්.
පවුලේ වැඩිමලාය.
දෙකම්බුල් පිරෙන්න හිනාවෙන ස්ත්‍රිය ඇය.
පොඩි කාලයේ සිට
වගකිම් දරන්නිය ඇය.
තමන් ගැන දෙවනියට සිතා
කටයුතු කරන්නෙ ද ඇය.
ජීවිතෙ ජිවත් කරවන්නිය ඇය.
ඇය අම්මා කෙනෙක් වූදා
හරිම ලේසියි ඇයට.
ආදරෙයි ගොඩක් දිනා.
සතුටුයි ඔයා වගෙ අක්කා කෙනෙක් ඉන්න එක ගැන. මාත් අක්කෙක් නමුත් මට බෑ ඔය දේ කරන්න.
ඒ වචන ටික ඔයාගෙම පොඩි කාලේට එක්ක ගියා. පාසලේ දී ඔක්කොම කර දී ඇගේ පංතියට යන්නේ. මට මතක් වුණා
සහ
ඔයාගෙ සැමියාත් හොයලා දෙන්නෙත් ඔබේම අක්කා.
ඔයා, ඔයාගෙ දරුවගෙ God Mother තෝරා ගන්නෙත් අක්කා.
ඒ වචන ටික දිනාට ඇහෙද්දි ඔයාට වඩා අඩන්න ඇති ඔයාගෙ අක්කා”