බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය ටිටෝක් තරුවක්..
ඇගේ මේ සමුගැනීම කාටවත් හිතාගන්න බැරි එකක්..
ලෙයා ස්මිත්, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය එම තාරකාවයි..
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි 22 හැවිරිදි වියේ පසු වූ ඇය දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටිය දී මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා..
මෙම පුවත සැල වූ වහාම ලෙයාගේ මිලියන භාගයකට අධික tiktok අනුගාමිකයින් ශෝකය ප්‍රකාශ කර තිබුණා…
ඒ ලෙයාගේ මේ නික්මයාම ඇගේ පෙම්වතා වන ඇන්ඩෲ මුවර් විසින් ඇයගේ tiktok ගිණුමේ සටහනක් පළකිරීමෙන් පසුවයි..
ලෙයා ස්මිත්ට වැළඳී තිබුණේ දුර්ලභ ගණයේ අස්ථි පිළිකාවක්..
ලෙයාට 2020 දී කොන්දේ වේදනාවක් ඇතිවී තිබූ අතර, ඒ පිළිබඳ සොයා බැලීමේදී තමයි මේ දරුණු පිළිකාව ගැන ඇයට දැනගන්නට ලැබෙන්නේ..