දෙන්නා හීනයකින් වත් හිතන්නේ නැති සිදුවීමක්..
අමනාපකම් නිසා ජීවිතයකින් වන්දි ගෙවන්න තරම් ඔවුන් කරපු පව මොකද්ද..?
ඇත්තටම මේ කතාව නම් ටිකක් හිතාගන්නත් අමාරුයි වගේ.. මේ පුවත වාර්තා වෙන්නේ වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්රදේශයෙන්..
ඊයේ රාත්රී කාලයේදී වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා..
මෙලෙස ඝාතනය කර ඇත්තේ,වඩුක්කෝට්ටේ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.. මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී මරණකරු සමග පෙර අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක තිබුණා..
එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර ඇතත්, ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස මරණකරු හා බිරිඳ යතුරුපැදිව සමග පැහැරගෙන ගොස් ඇති අතර පසුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ…
මෙම සිද්ධියෙන් පසුව මරණකරු තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට මොටර් රථකින් ගෙනවිත් දමා සැකකරුවන් පළාගොස් ඇති අතර,තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියාගොස් තිබුණා..