ඉතිහාසය, සංස්තෘතිය ගැන කියාපානවා..
මේ කියන්න යන්නේ එවන් වටිනාකම්වලින් පිරුණු වෙස් ඇඳුම ගැන ඇහෙන අලුත්ම කතාවක්..
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා තිබෙනවා..
උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ ‘උරුමයක අස්වැද්දුම’ජනගත කිරීමේ මාතලේ බෞද්ධ මන්දිරයේ දී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා..
උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක අවශ්‍යය බව කී ඔහු වැඩිදුරටත් පැවසුවේ, දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසි ම කාලය එළඹ ඇති බවයි..